අප ගැන

ළමා නිකේතන පර්යේෂණ හා සංවර්ධන පුහුණු ආයතනය පෙරපාසල් ගුරුවරුන් පුහුණු කරනු ලබන ආයතනයක් වන අතර රජය පිළිගත් ඩිප්ලෝමා සහතිකයක් ලබා දිය හැකි නීත්‍යානුකූල ආයතනයකි.

මෙම ආයතනයට, පිලිගත් ඩිප්ලෝමා සහතිකයක් ලබා දීම සඳහා කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ මුල්‍ ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අනුමැතිය ලැබී ඇත. එම අනුමැතිය 2010.10.05 දින සිට ලැබී ඇති අතර, ලියාපදිංචි අංකය ECCDNC/CS/026 වේ. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් ඩිප්ලෝමාවක් ලෙස, P07/0137 ලියාපදිංචි අංකය යටතේ 2022 .11. 22 දින සිට පිළිගෙන ඇත.

තවද අප ආයතනය ඩිප්ලෝමා පාඨමාලාවට අමතරව, විවිධ රාජ්‍ය නොවන සංවිධාන වලට පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ කෙටි කාලීන පුහුණුවීම් වැඩසටහන් සිදුකරනු ලබන අතර අප පාඨමාලාවේ සේවය කරන ගුරු ගුරුභවතුන් මෙම ක්‌ෂේත්‍රයේ විශිෂ්ඨ ගුරුභවතුන් බව සඳහන් කිරීමට කැමැත්තෙමි.

ABOUT US

Child Resort, Research, Development & Training Institute excels in, Training Preschool Teachers and is recognized as a Diploma Awarding Institute by the Government of Sri Lanka.

Our Institute has the approval of the Ministry of Women & Child Affairs and Social Empowerment to award the National  Diplomas in Early Childhood Development to those who have successfully completed the program, on 5th of October 2010 under the registration No. ECCDNC/CS/026  The diploma awarded by the Institute is also recognized by the  Tertiary and Vocational Education Commission of the Ministry of Education, under the registration No. P07/0137 on 22nd November 2022.

In addition to the Diploma awarding, we also conduct short-term programs for Preschool teachers of Non-Governmental Organizations.  Our Resource persons are also professionals in their respective fields.